Tuesday, May 5, 2015

මතක ද ඒ සොදුරු රැය?

මතකයි ද ඔයාට
ඒ සොදුරු රැය....
ඔයයි මායි
ගග අයිනෙ කාමරයෙ
හද එලිය යාන්තමට වැටුන ඒ රෑ....
බලාගෙන හිමින් ගී කියන
ගග දිහාව
ගලවමින් එකිනෙක හෙමහිට
ඔයාගෙ ඔලුවෙ මල් ගහපු
කොන්ඩ කටු...
හැට්ට කටු...
අපි දෙන්නම ගොඩක් මහන්සිවෙලා හිටියෙ
මුලු දවසෙම රග පාල
එන එන කෙනාට හිනාවෙලා...
ඒත් ඒ සොදුරු රෑ...
මතකයි ද ඔයාට
අපි දෙන්න
අපි දෙන්නෙක් නොවන තරමට
හිමින් සිඹිමින් දෙකම්මුල්
සපමින් දෙතොල් පෙති
උරා බොමින් මුව මල් කෙමි
සමාධිගත වුන සුයාමය
ඒ සොදුරු රැය
සද එලිය මදින් මද මෝදු වුන....
වේදනා බර වුනත් නොයිදුල් ඒ මොහොත
ඒ සතුටු කදුලු නේද
නුඹ දෙනෙත් නෙලුම් පෙති මත රැදුන...
මතකයිද ඒ රැය... අපි අපෙ සුවද විදි....
අද රෑත් හෙට රෑත්
හොයනවා ඒ රෑ...
ඇයි ආයෙ එන්න බැරි
එදා රෑ ආයෙමත්...

2 comments:

MPP Gunasinghe said...

වටිනා නිමැවුමක් සමන් ! ඇත්තෙන්ම ඔබ හපනෙක් !! දැනුයි මට ඔබ උඩුගැන්වූ සියලු ලිපි යන්තමට හෝ රසවිඳින්න අවස්ථාව ලැබුණෙ. තව දිගට ලියන්න සමන්

පාට පාට හීන (සමන් පෙරමුණ) said...

සර්, ස්තුති මේ දිරිගැන්වීම්වලට. ආයෙමත් මට හමුවුන අපූරු ගුරුවරයා ඔබතුමා.