Saturday, July 5, 2014

බිරිද නුඹ කියනු බැරි ගුනෙන් තුටු කල මාව

දගකාර හිත ගාව
දයාබර බව පෑව
මව්වත් සෙනෙහසින්
හිස පුරා අත ගෑව

රෑ තිස් පැය පුරා
නිදි නැතුව පුතු ගාව
කිරි සොයා හඩන විට
කිරි තනේ කට ගෑව

ලැබෙන දුක සැප දෙකම
සැප ලෙසම විද දෑව
අලස ලෙස මැලිව හුන්
මා දෙනෙත් ඇහැරෙව්ව

විසල් කනද්ක් ලෙසට
ගුනින් පිරි නුඹ ගාව
දෙපැත්තෙන් නිදිය ගෙන
උනුහුමේ නිදි යෑව

මමත් මගෙ පුතුත් අපි
දෙන්නාට මෙත් පෑව
බිරිද නුඹ කියනු බැරි
ගුනෙන් තුටු කල මාව


2 comments:

තිලකසිත said...

සොඳුරු පවුලක වෑහෙන ආදරය මනරම්ව මතු කළ පද වැලක් - අගෙයි !

පාට පාට හීන (සමන් පෙරමුණ) said...

ස්තුති අයියා.