දයාබර බව පෑව
මව්වත් සෙනෙහසින්
හිස පුරා අත ගෑව
රෑ තිස් පැය පුරා
නිදි නැතුව පුතු ගාව
කිරි සොයා හඩන විට
කිරි තනේ කට ගෑව
ලැබෙන දුක සැප දෙකම
සැප ලෙසම විද දෑව
අලස ලෙස මැලිව හුන්
මා දෙනෙත් ඇහැරෙව්ව
විසල් කනද්ක් ලෙසට
ගුනින් පිරි නුඹ ගාව
දෙපැත්තෙන් නිදිය ගෙන
උනුහුමේ නිදි යෑව
මමත් මගෙ පුතුත් අපි
දෙන්නාට මෙත් පෑව
බිරිද නුඹ කියනු බැරි
ගුනෙන් තුටු කල මාව

2 comments:
සොඳුරු පවුලක වෑහෙන ආදරය මනරම්ව මතු කළ පද වැලක් - අගෙයි !
ස්තුති අයියා.
Post a Comment