නිහඩ බවේ දෝංකාර හඩ
සිය දහස් වර මරා ඉපැද්දූ ප්‍රේමය
ඇතුන් ලවා වත් ඇද්ද විය නොහැකි
මැරිය නොහැකි මතකය
ගුලිකර තද කර
මහද සිර කුටියේ
කවුලු තද කලෙමි
කාලය මා මහලු කල, කල
හද පියන් විවර නොකරම
ගත මා විවර කොට හද කවුලු තර කලෙමි......
කුසුම පරඩැලි විය
සුසුම් වා ගැබට විය
නිහඩ බව පතුලේ
කවුලු පත් වැසූ හද
කිමිද මිහිදන් විය.....
නිහඩ බවේ දෝංකාරය
අසා හද දැදුරැ විය
ආදරය රාගය නම්
යදිමි ඒ ආදරය
සැමියා සමග යහනේ
අනික් ඇලයට හැරී
නිදා නුඹගෙන්ම......

No comments:
Post a Comment